Pages

Friday, September 1, 2017

Computer එක on වෙනකොට ඔයාගෙ නම කියන්න හදමුද?



ඔයගොල්ලන්ගෙ computer එක On කරහම ඔයාව සාදරයෙන් ආදරයෙන් නම එහෙම කියල පිලිගන්නවද? නැහැ නේ....! එහෙනම් අද මම කියල දෙන්නෙ computer එක ඔයාලට කැමති ඕනි බම්බුවක් on වෙනකොට කියන්න හදන හැටි. මෙන්න මෙහෙමයි එහෙනම් වැඩේ කරන්නෙ.


මුලින්ම මම මේ දීල තියෙන code එක copy කරගන්නකො.

Dim speaks, speech
speaks="Welcome to your PC, Your Name"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

දැන් notepad එක open කරල මේ code එක ඒකට paste කරන්න. ඊට පස්සෙ ඒක welcome.vbs කියල save කරන්න.

දැන් මම මෙන්න මේ දීල තියෙන address එක copy කරගන්න. දැන් ඔයාගෙ computer එකේ search ගිහින් ඒක paste කරන්න. මතක තියාගන්න, මම IT Solution කියල දාල තියෙන තැන ඔයාගෙ computer එකේ username එක දාන්න.

C:\Users\IT Solution\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

Enter ඔබන්න. දැන් window එකක් open වෙයි.

දැන් ඔයා අර welcome.vbs එක save කරගත්ත තැනට ගිහින් ඒක copy කරගෙන ඇවිත් අර මුලින් open වෙච්ච window එකේ paste කරන්න.

ඊලග පාර ඔයා computer එක on කරන කොට ඉතින් ඔයාගෙ නම කියල හොදට පිලිගනියි. මතක තියාගන්න, code එකේ speaks="Welcome to your PC, Your Name" කියන කොටසෙ Your Name තියෙන තැනට ඔයාගෙ නම දාන්න. ඔයාට ඒ message එක කැමතිනං වෙනස් කරන්නත් පුලුවන්.

No comments:

Post a Comment